ආයුබෝවන්

දානපාරමිතා

මෙය ආරණ්‍යවාසී නේවාසික භික්ෂූන් වහන්සේලාට දානය දීමට කැමති පරිත්‍යාගශීලීන්ව ලංකාවේ තිබෙන ආරණ්‍ය කිහිපයක් සමඟ සම්බන්ධ කරන වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය තුළින් දානය ලබා ගැනීමට එකඟ වූ ආරණ්‍ය ගණනාවක විස්තර සපයනු ලැබේ.

සරල පියවර තුනකින් දානයක් පිරිනමන්න

prmo icon

දිනයක් තෝරන්න

සේනාසන පිටුවෙහි ඇති දින දර්ශනයෙන් දිනයක් තෝරන්න.

prmo icon

දානය පිරිනමන්න

සේනාසනයට පිවිස හෝ අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීමෙන් දානය පිරිනමන්න.

“දානං භික්ඛවේ සප්පුරිස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං”“මහණෙනි, දානය වනාහි සත්පුරුෂ නුවණැති පණ්ඩිතයන් විසින් පනවාගත් දෙයකි”


සත්පුරුෂ නුවණැති මිත්‍රවරුණි,

ශ්‍රී ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ස්ථාපිත කරන ලද සම්මා සම්බුද්ධ ශාසනය තුල, කසාවත දරාගෙන අරිඅටඟ මගෙහි ගමන් කරමින්, උතුම් නිර්වාණාවබෝධය සාක්ශාත් කරගැනීමේ පරම අදිටනින් කටයුතු කරනු ලබන භික්ෂුන්වහන්සේලා පිරිසක් තවමත් ලෝකය පුරා දකින්නට ලැබීම වනාහී දුර්ලභ ගනයේ භාග්‍යයකි. එවන් උතුම් භික්ෂුන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්නට ලැබෙන්නේද ඉතා කලාතුරකිනි. එබඳු අවස්ථාවක් ලැබුන කෙනෙකුට අපමණ කුසල් දහම් රැස් කරගත හැකිය. උතුම් බුද්ධ ශාසනයක් පවතින මෙවන් යුගයක, එවන් භික්ෂුන්වහන්සේලා රැකබලා ගැනීම, ගිහි පිරිස වන අපගේ යුතුකමක්ද වනු ඇත. මේ මගින් ගිහි පැවිදි දෙපාර්ශවයටම, මේ උතුම් සම්බුද්ධ ශාසනය නොනැසී දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට උපකාරයක් ද කල හැකිය. විශාල කැපවීමක් කොට, ශ්‍රී ලංකාවේ වනගත අරණ වල වැඩසිටිමින්, භාවනානුයෝගිව කටයුතු සිදුකරනු ලබන භික්ෂුන්වහන්සේලාට දන් පැන් පූජා කිරීමට, විශේෂයෙන්ම මව්බිමෙන් ඈත එපිට වාසය කරන පින්වත් ඔබට කෙරෙන කාරුණික ඇරයුමයි මේ. දන් පැන් පූජා කිරීමට බලාසිටින එහෙත් අවස්ථාවක් නොලැබෙන පින්වත් අයට මෙය කදිම අවස්ථාවකි.